සිංහල සිනමාව කඩා වැටෙන්න එක හේතුවක් වුණේ කිසිදු පහසුකමක් නැති සිනමා ශාලා. සමහර සිනමා ශාලා අපායටත් අන්ත තත්වයක තිබුණෙ. මේ නිසා ප්‍රේක්ෂකයන් සිනමාවෙන් ඈත් වෙමින් හිටියෙ.
මෙහෙම කාලෙක අලුත් විදියට හිතන මනුස්සයෙක් ලංකාවට මිනි තියටර් සම්ප්‍රදාය හදුන්වාදෙන්න පුරෝගාමී වුණා. පටන් ගත්තෙ ලිබර්ටි ලයිට් සිනමා ශාලාවෙන්. එදා ඉදන් අවුරුදු 15 ක් විතර ගෙවී යද්දී ලංකාව පුරා ලයිට් සිනමා ශාලා ගණනාවක් නිර්මාණය කරන්නට ඔහු සමත් වුණා.
ඒ සිනමා ශාලා සියල්ල නවීන තාක්ෂණයෙන් පරිපූර්‍ණයි. 2K ප්‍රක්ෂේපණය. 7.1 surround sound. 3D පහසුකම්. සුවපහසු ආසන. වායු සමීකරණිත ශාලා.
සිනමා ශාලා සුපර් මාර්කට්, ඇදුම් කඩ, ගබඩා, ෆැක්ටරි බවට පත්වෙමින් තිබුණු යුගයක මේ අභියෝගාත්මක කාර්යයට උර දුන්නෙ අනුර ජසෙන්තුලියන. මූවි වර්ක්ස් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ.
අද අප අනුර හමුවී කතා බහ කරමු.
අප නොදන්නා රහස් රැසක් අනුර හෙළි කරාවි.
Смотрите видео Anura Jasenthuliyana | අනුර ජසෙන්තුලියන | Saman4You - Prog 373 онлайн без регистрации, длительностью часов минут секунд в хорошем качестве. Это видео добавил пользователь Saman4You 16 Май 2025, не забудьте поделиться им ссылкой с друзьями и знакомыми, на нашем сайте его посмотрели 83 раз и оно понравилось 6 людям.