Yesha Fernando | යේෂා ෆර් නැන්ඩු | Manaram Kavikam | Saman4You - Prog 374

Опубликовано: 20 Май 2025
на канале: Saman4You
110
6

“සම්මතයට කුද ගැසූ
ප්‍රේමයක් තිබිය හැකි
ස්වර්‍ණාට හා ධර්‍මෙට විතරද

තරු නොවන ප්‍රේමයක්
බෞන්ඩ්‍රිය පැන්නොත්
වෙන්න රැඩිකල් උන්ගේ
ඇස් වපර වන්නෙත්
තොල් ඇද වන්නෙත් මන්ද? ”

මේ ප්‍රශ්නය කවිකරලා අපි හැමෝගෙන්ම අහන කිවිදිය; යේෂා ෆර් නැන්ඩු

කවියකු හෝ කිවිදියක තමන්ට අදාළ හා හෘදයාංගම අත්දැකීම් පරාසයක් තුළින් නිශ්චිත විෂයයක් මත තිරසරව පිහිටන්නේ ඉතාම කලාතුරකිනි. යේෂා එකරුණ සම්බන්ධයෙන් පැහැදිලි අනන්‍යතාවක් පළ කරන්නියකි.

නිදහස හා විවෘත භාවය ප්‍රකට කර ඇය සම්මත දෘෂ්ටිවාද මායිම් නොකරයි. භාෂාව ගැඹුරු සිඳු කුසක් වුවද ඇය එහි නොබියව කිමිදෙමින් සිය හැඟීම් සිත්තම් කිරීමට දරන ප්‍රයත්නය ප්‍රශස්තය.

භාරතී වීරසිංහ ඇගේ භාෂා රීතියට සම්බන්ධයෙන් මෙසේ පවසන්නේ එබැවිනි; “ඇය සිංහල තරහ කරගන්නේ නැතිව ඉංගිරිසි යාළු කරගන්නා හැටි බලන්න ලස්සනයි”

මහාචාර්‍ය සරත් විජේසූරිය යේෂා ගේ නිර්‍මාණ දකින්නේ මෙහෙමයි.


Смотрите видео Yesha Fernando | යේෂා ෆර් නැන්ඩු | Manaram Kavikam | Saman4You - Prog 374 онлайн без регистрации, длительностью часов минут секунд в хорошем качестве. Это видео добавил пользователь Saman4You 20 Май 2025, не забудьте поделиться им ссылкой с друзьями и знакомыми, на нашем сайте его посмотрели 110 раз и оно понравилось 6 людям.