කොළඹ ශාන්ත මේරි බාලිකාවේ අධ්‍යාපනය ලබන අවදියේ පටන් ම කවියට පෙම් බැදි රංගනී ෆර් නැන්ඩු සිය කවිය රසික සමාජය අතරට ගෙන යන්නට වාහකයක් ලෙස ඩිජිටල් අවකාශය භාවිත කළා ය.
ඇගේ මුල්ම කවි පොත ‘බොහෝ කවි ලියැවුණේ ඔබටය’ පළ වෙන්නේ 2023 වසරේදී ය. මේ කවි පාඨකයන්ගෙත්, විචාරකයන්ගේත් ආකර්‍ශනයට පාත්‍ර විණි.
ඉන් ලද උත්තේජනය නිසා ඇගේ දෙවැනි කවි පොත ද (අඩුම තරමේ අපි හමුවුණා - At least we met) 2024 දී එළි දැක්විණි.
මේ පොත් දෙකටම දැඩි පාඨක ඉල්ලූමක් ඇති වීමෙන් පෙනෙනුයේ ඇගේ කවි වෙත රසික ප්‍රජාව දක්වන ආදරයේ සහ සැලකිල්ලේ තරම යි.
ස්ත්‍රියකගේ ආත්මීය හඬ නංවන අපූරු කවි ගොන්නක් රංගනී අතින් නිර්‍මාණය වීම සුවිශේෂයකි.
රංගනී ගේ කවිය පිළිබඳ සම්මානිත මහාචාර්‍ය සරත් විජේසූරිය දක්වන අදහස් මේ.
Watch video Rangani Fernando | රංගනී ෆර් නැන්ඩු | Saman4You - Prog 368 online without registration, duration hours minute second in high quality. This video was added by user Saman4You 22 April 2025, don't forget to share it with your friends and acquaintances, it has been viewed on our site 189 once and liked it 16 people.